Gossips

කුඩා වාහන බදු ඉහළ දැමීමට තවත් හේතුවක් මහබැංකු අධිපති ඉදිරිපත් කරයි

එන්ජින් ධාරිතාව දහසකට අඩු වාහන වල බදු ඉහළ නැංවීමට හේතුවූයේ මාර්ග තදබදය පමණක් නොවන බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා මහබැංකුවේ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ආනයන ඉහළ යාමෙන් වෙළඳ පරතරය ඉහළ යාම වැළැක්වීම ද එහි අරමුණක් බවයි.
වෙළඳ පරතරය වැඩි වීමෙන් විදේශ ණය වැඩි වශයෙන් ලබා ගැනීමට සිදුවන අතර එමගින් රුපියලේ අගය පහත වැටෙන බවත්, ඔහු සදහන් කළා.
එහි ප්‍රතිඵලයක් ලෙස ජීවන වියදම ඉහළ යාම පොදු ජනතාවට ඍජුවම බලපෑමක් ඇති කරන බවයි මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කළේ.
නව අධිවේගී තුනක් ඉදිවීම සහ නාගරික සැහැල්ලු දුම්රිය පද්ධතිය තුළින් ඉදිරියේදී පොදු ප්‍රවාහන කටයුතු වර්ධනයක් ලබනු ඇතැයිද ඔහු කියා සිටියා.