Gossips

කුඩා ව්‍යාපාර ලියාපදිංචි ගාස්තුව අඩු වෙයි

රටේ සියළු ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට සියල්ලන් එක්ව සාමුහිකව තම වගකීම ඉටු කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම අද විළිඹුල – හේනේගම ප්‍රදේශයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ඊට එක්වෙමිනුයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කළේ.
මෙහෙයුම් කමිටු රැස්වීමට පැමිණ සිටි මහජන නියෝජිතයින් සමඟ ද ජනාධිපතිවරයා පවතින ගැටළු පිළිබදව සාකච්ඡා කළ අතර, එහිදී බස්නාහිර පළාත් මහඇමති ඉසුරු දේවප්‍රිය වෙත උපදෙස් දුන්නේ කුඩා ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු අඩු කරන ලෙසයි.