දිවයින පුරා කුඩා පරිමාණ ජල විදුලිබලාගාර සකස් කිරීම සඳහා අයදුම්පත් 3500ක් පමණ ලැබී ඇති බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසනවා.
කෙසේ වෙතත්, දැනට පවතින ජල මූලාශ්‍ර සමඟ අලුතින් ඉදිකළ හැක්කේ කුඩා පරිමාණ ජල විදුලි බලාගාර 75ක් පමණක් බවයි එම අධිකාරිය සඳහන් කළේ.
දැනට රත්නපුර, කෑගල්ල, නුවරඑළිය ඇතුළු ප්‍රදේශවල කුඩා පරිමාණ පෞද්ගලික ජල විදුලි බලාගාර පවතිනවා.