Gossips

කුඩා න්‍යෂ්ටික අවි එළියට එයි

රුසියානු තර්ජනයට මුහුණදීම සඳහා කුඩා ප්‍රමාණයේ න්‍යෂ්ටික බෝම්බ නිපදවීම පිළිබඳව ඇමරිකාවේ අවදානය යොමු වී තිබෙනවා.
එම වැඩපිළිවෙල ඇමරිකානු පෙන්ටගනයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඇමරිකාවේ වත්මන් න්‍යෂ්ටික බෝම්බ ප්‍රමාණයෙන් විශාලවීම නිසා ඒවා ප්‍රායෝගික වශයෙන් භාවිත කිරීම අපහසු වී තිබෙනවා.
දැන් ඇමරිකාව නිපදවීමට සැලසුම් කර ඇත්තේ කිලෝ ටොන් 20ට අඩු ප්‍රබලත්වයකින් යුත් න්‍යෂ්ටික අවි ආයුධයි.
එහෙත් ඒවා ද දෙවන ලෝක යුද්ධයේදී ජපානයේ නාගසාකි නගරයට හෙළුෑ පරමාණු බෝම්බයට වඩා ප්‍රබල ඒවා බව සඳහන්.
නාගසාකි න්‍යෂ්ටික බෝම්බයෙන් පුද්ගලයන් 70,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.