කුඩා දරුවන් අතර මේ දිනවල වෛරස් උණ රෝගයක් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.
මෙම උණ රෝගය ඉන්ෆ්ලූවෙන්සා ඒ සහ බී වශයෙන් හඳුනාගෙන ඇති බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
මෙම රෝගී තත්ත්වය පෙන්නුම් කරන දරුවන් සෙනඟ ගැවසෙන ස්ථානවලට නොයවා විවේකයෙන් නිවසේ තබාගන්නා ලෙසටයි ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කළේ.
