Gossips

කුඩා ගල් ගුහාවක් තුළ තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයාගනී

මාතර ඌරුබොක්ක කැටවල ගම ප්‍රදේශයේ තේ වත්තක් තුළ ඇති කුඩා ගල් ගුහාවක් තුළ තිබී ඊයේ ( 01 දා) ජීව අත්බෝම්බ දෙකක් සොයා ගත් බව පොලිසිය පවසනවා.
ඉඩම් හිමියා ඉඩම සුද්ද කරන අවස්ථාවක යම්කිසි ද්‍රව්‍යයක් තිබෙනු දැක පසුව එය පරීක්ෂාකර බැලීමේදී බරට දැනුණු බැවින් බෝම්බයක් යැයි සැක සිතී පොලිස් හදිසි ඇමතුම් අංශය වන 119 ට දැනුම් දීමෙන් පසුව ඌරුබොක්ක පොලීසිය මෙය සොයාගෙන තිබෙනවා.
ඌරුබොක්ක පොලීසිය සඳහන් කළේ මොරවක මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව අක්මීමන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් ගෙන්වා මෙය නිශ්ක්‍රිය කිරීමට කටයුතු කරන බවයි.