ඉදිරි පැය කිහිපයේදීත් වැසි ඇතිවුවහොත් කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ දෙපස පහත් බිම් ආශ්‍රිතව ගංවතුර අවදානමක් මතුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ කළු ගඟේග් මිල්ලකන්ද ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම, කළු ගඟේ ජල මට්ටම ද ඉහළ නගිමින් පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.
