Gossips

කුඩාවැල්ලේ ඝාතකයන් ආ හැටි CCTV කැමරාවක පටිගත වෙයි

කුඩාවැල්ල ධීවර වරායට ඊයේ උදෑසන 7.15ට පමණ ෆුල් ෆේස් හෙල්මට් පැළද යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ටී – 56 ගිනි අවියක් සහ පිස්තෝලයක් භාවිතා කර සිදුකළ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තවත් 8 දෙනෙකු තුවාල ලැබුවා.
මේ සම්බන්ධයෙන් පුද්ගලයන් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව විමර්ශන කණ්ඩායම් පවසන්නේ.
මේ අතර, වෙඩි තැබීම සදහා පැමිණි සැකකරුවන් දෙදෙනා යතුරුපැදියෙන් පැමිණෙන ආකාරය ඒ අසල නිවසක සවිකර තිබු CCTV කැමරාවක සටහන්වී තිබුණා.
එම වීඩියෝව පහතින්.