Gossips

කුඩාවැල්ලේ අදත් වෙඩි පත්තුවෙයි

තංගල්ල – කුඩාවැල්ල ප්‍රදේශයේදී ඊයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු යොදා තිබූ මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය වූ වෑන් රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා.
අද අළුයම කුඩාවැල්ල මංසන්ධියේ යොදවා තිබූ පොලිස් මාර්ග බාධකය හරහා ගමන් කරමින් තිබූ වෑන් රථයක් නැවැත්වීම සඳහා පොලිසිය සංඥා කරනු ලැබුවා.
එහෙත් එම වෑන් රථය පොලිස් නිලධාරීන් ද අනතුරට ලක් කරමින් පලායාමට සුදානම් වූ අවස්ථාවේදී එක් නිලධාරියෙකු විසින් වෙඩි තබා තිබෙනවා.
පසුව පොලිසිය වෑන් රථය නොනවත්වා පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වෑන් රථයේ අයිතිකරුවන් සොයා තංගල්ල පොලිසිය විමර්ශන ක්‍රියාත්මකයි.