අලව්ව ප්‍රදේශයෙන් මාඔය අතු ගංඟාවක් වන කුඩාඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා අද දහවල් දිය නෑමට ගිය අවස්ථාවේදී මෙලෙස දියේ ගිලී අතුරුදන් වූ බවයි.
එම පුද්ගලයාගේ සිරුර මේ වන විට සොයාගෙන ඇති බව හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.
ඔහු බෙලිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
