Gossips

කුඩාඔයදී සිදුවූ අනතුරකින් 6කට තුවාල

තණමල්විල – වැල්ලවාය මාර්ගයේ කුඩාඔය – තෙරුල්ල – 38 කණුව ප්‍රදේශයේදී අද අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මගී ප්‍රවාහන බස් රථයක් සහ එළවළු රැගත් ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුරින් තුවාල ලැබූවන් තණමල්විල රෝහලට ඇතුළත් කර තිබෙනවා.