Gossips

කුක් සංගක්කාර අභිබවා යද්දී ඇන්ඩර්සන් පෙරමුණට පැමිණෙයි

ඉන්දියාව සමඟ පැවැති ටෙස්ට් තරඟාවලිය 4ට 1ක් ලෙස ජයග්‍රහණය කිරීමට එංගලන්තය සමත් වුණා.
ඒ දෙරට අතර ඊයේ (11) නිමාවට පත් වූ පස්වන සහ අවසන් ටෙස්ට් තරඟය ද එංගලන්තය ජයග්‍රහණය කරමින්.
ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරඟය එංගලන්ත හිටපු නායක ඇලෙස්ටෙයාර් කුක්ගේ අවසන් ජාත්‍යන්තර තරඟය වීම ද විශේෂත්වයක්.
ඔහු එහිදී ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර අභිබවා ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ 05 වන ස්ථානයට පැමිණියා.
මීට අමතරව මෙම තරඟාවලියෙන් අනතුරුව එංගලන්තයේ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ද වාර්තා අතරට එක් වුණා.
ඒ වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් බිඳ දැමූ වේග පන්දු යවන්නා බවට පත්වෙමින්.
ඒ අනුව ඇන්ඩර්සන් මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු 564ක් දවාගෙන ඇති අතර මීට පෙර එහි පෙරමුණ ගෙන සිටියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ග්ලේන් මැග්‍රාත්.
ඒ ටෙස්ට් තරඟ 124කදී කඩුලු 563ක් දවාගනිමින්.