Gossips

කීත්නොයාර් පැහැරගැනීමේ සිද්ධිය ගැන හිටපු ජනපතිගෙන් පැය දෙකක ප්‍රකාශයක්

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් පැය 2 කට අධික කාලයක් අද ප්‍රකාශයක් සටහන් කරගත්තා.
උදෑසන 11.20 ට පමණ කොළඹ – 07, විජේරාමේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණ එම ප්‍රකාශය ලබාගැනීම ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉන් පිටත්ව ගියේ පස්වරු 1.50 ට පමණයි.
කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ කථානායක කරූ ජයසූරිය ද මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදී තිබුණා.
මාධ්‍යවේදී කීත් නොයාර් මෙලෙස පැහැර ගෙන ගොස් පහරදී තිබුණේ 2008 වසරේ මැයි 22 වනදායි.