යළ කන්නයේ කීඩෑ උවදුරෙන් කුඹුරු හානියට පත්වූ ගොවීන් සඳහා වගා වන්දි කඩිනමින් ලබාදෙන ලෙස විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.
මෙවර යළ කන්නයේදී අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල කුඹුරු මෙම කීඩෑ උවදුර හේතුවෙන් හානියට පත්වුණා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 4,269 ක් කීඩෑ උවදුර හේතුවෙන් සම්පූර්ණයෙන් හානියට පත්වූ අතර, අක්කර 38,570 ක් අර්ධ වශයෙන් හානිවී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
