Gossips

කීඩෑ උවදුරින් විනාශ වූ වී වගාව සඳහා ගොවීන්ට වන්දි දෙන්න

වී වගාව කීඩෑ උවදුරට ගොදුරුවීමෙන් අසරණ වී සිටින ගොවීන්ට රජය වන්දි ලබාදිය බව පරිසරවේදී තිලක් කන්දේගම පවසනවා.
නාවුල සොබාදම් ගොවිපලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ජලය නිකුත් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් රට පුරා වී ගොවිතැන කීඩෑ උවදුරට ගොදුරු වී ඇති බවයි.
එමෙන්ම රජය මගින් වී මිලදී ගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති බවටද පරිසරවේදී තිලක් කන්දේගම චෝදනා කරනවා.