සේනා දළඹු උවදුර මෙන් ප්රදේශ කිහිපයක මේ දිනවල පැතිර යන කීඩෑ උවදුර මේ වන විට දෙහිඅත්තකණ්ඩිය ප්රදේශයටද පැතිර ගොස් තිබෙනවා.
ගොවීන් චෝදනා කරන්නේ වගකිවයුතු පාර්ශ්ව උවදුර පිළිබඳ දැනුවත් වුවද මේ වනතෙක් නිසි විසඳුමක් ගෙන නොමැති බවයි.
දිවයිනේ ප්රදේශ රැසකට බලපා ඇති කීඩෑ උවදුර හේතුවෙන් වී වගාවට දැඩි බලපෑමක් එල්ලවී ඇති ආකාරය අප ඊයේත් වාර්තා කළා.
මේ මැදිරිගිරියේ කුඹුරු එම කීඩෑ උවදුරට ලක්ව ඇති අයුරුයි.
මැදිරිගිරිය, හිගුරක්ගොඩ, වැලිකන්ද, මින්නේරිය, අරලගංවිල ඇතුළුව පොළොන්නරුව දිස්ත්රික්කයේ ප්රදේශ රැසක මෙවර වී වගා කෙරුණු භූමි ප්රමාණය අක්කර එක්ලක්ෂ 20000කට ආසන්නයි.
ඉන් සියයට 60ත් 70ත් අතර බිම් ප්රමාණයක් මෙම කීඩෑ උවදුරින් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතිඅතර මේ වන විට එය දෙහිඅත්ත කණ්ඩිය දක්වා වයාප්ත වී තිබෙනවා.