Gossips

කිසි ලෙසකින්, පාර්ලිමේන්තු සැසි වාරය කල් නොදමන බව ජනපති කියයි

පාර්ලිමේන්තුවේ වර්තමාන සැසි වාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරනවා.
ජනාධිපති මාධ්‍ය ඒකකය ද මේ පිළිබදව නිවේදනයක් නිකුත් කළ අතර ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුමේ ද ඒ පිළිබඳව සටහනක් තබා තිබුණා.
මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට එරෙහිව අද දිනයේ සම්මත වූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය ජනාධිපතිවරයාව දැනුම්වත් කර තිබෙනවා.
අද පස්වරුවේම කතානායකවරයා ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුවත් කළ බවයි කතානායක කාර්යාලය නිවේදනය කළේ.
මෙම විශ්වාසභංගයට සහය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු අත්සන් තබන ලද ලේඛනය ද ජනාධිපතිවරයා වෙත යැවූ බව එම නිවේදනයේ සදහන්.
අද දින පාර්ලිමේන්තුවේ ඇති වූ අස්ථාවරභාවයට ප්‍රධානම හේතුව කතානායකවරයාගේ අත්තනෝමතික පක්ෂග්‍රාහි ක්‍රියා කලාපය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කලා.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ කඩිනමින් මහ මැතිවරණයක් පවත්වා ස්ථාවර පාර්ලිමේන්තුවක් පත් කර ගත යුතු බවයි.