Gossips

කිසිවෙකු නොසිතූ ලෙස ඉන්දුනීසියාවට තවත් ප්‍රබල භූ කම්පනයක් ඇති වෙයි

ඉන්දුනීසියාවේ යළි භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ – ලොම්බොක් දිවයින ආසන්නයේ අද රික්ටර් පරිමාණයේ 6.3 ක භූකම්පනයක් වාර්තාවුණා.
ඒ, එම ප්‍රදේශයේම රික්ටර් පරිමාණයේ 6.9 ක ප්‍රබල භූ කම්පනයක් වාර්තාවී සති දෙකක් ඇතුළතයි.
එම භූ කම්පනයෙන් පුද්ගලයන් 400 ක් පමණ ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් අතුරු කම්පන සිය ගණනක් සිදුවුණා. අද වාර්තාවූ කම්පනය ලොම්බොක් දිවයිනේ වැසියන්ට හොඳින් දැනී ඇති අතර, ඇතැමුන් කළබලයට පත්වී නිවෙස් හැරයාමට පියවර ගත් බව සඳහන්.
ඉන්දුනීසියානු ජාතික ආපදා කළමනාකරණ ආයතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අද භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව තවදුරටත් සොයා බලමින් සිටින බවයි.
මේ අතර පැසිෆික් සාගරයේ ෆීජි සහ ටොන්ගා දිවයින් ආශ්‍රිතව අද සිදුවූ රික්ටර් පරිමාණයේ 8.2 ක ප්‍රබල භූ කම්පනයෙන් විශාල හානියක් සිදුවී නොමැති බව සඳහන්.
එය මුහුදු පත්ලේ කිලෝමීටර 560 ක් පමණ ගැඹුරෙන් සිදුවීම ඊට හේතුවයි.