Gossips

කිසිවෙක් නොසිතූ ලෙස ප්‍රබලයින් 05 දෙනෙක්ට නිදහස් කුසලාන තරඟාවලියේදී කණ්ඩායමේ තැන අහිමි වෙයි

නිදහස් කුසලාන තුන්කොන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය පිළේ නායකත්වය රෝහිත් ශර්මාට හිමි වී තිබෙනවා.
එම කණ්ඩායමට නිත්‍ය නායක විරාට් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා සහ හාර්දික් පාණ්ඩ්‍යා යන ප්‍රබලතම ක්‍රීඩකයන් 05 දෙනා ඇතුළත් වන්නේ නැහැ.
දීර්ඝ දකුණු අප්‍රිකානු සංචාරයෙන් අනතුරුව ඔවුන් විවේක ගැන්වීම සඳහා අවබෝධාත්මක එකඟතාවකට පැමිණි බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් විරාට් කෝලි, බුවනේෂ්වර් කුමාර් සහ ජස්ප්‍රිට් බුම්රා මෙම තරඟාවලියේදී විවෙක ගැන්වීම පිළිබඳව අවධානයක් යොමුව ඇති බවට මීට පෙර සිටම ඉන්දීය මධ්‍ය වාර්තා කර තිබුණා.
ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය ක්‍රිකට් පිළට නවක ක්‍රීඩකයන් රැසක් ඇතුළත් වනු ඇති.
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගි වන නිදහස් කුසලාන විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ලබන මාර්තු 06 වන දා සිට 18 වන දා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.