Gossips

කිසිදු තත්ත්වයක් යටතේ රනිල් යළි අගමැති නොකරන බව ජනපති විදෙස් මාධ්‍ය වෙත කියයි

පසුගිය රනිල් වික්‍රමසිංහ රජය සමයේ සිදුවූ දූෂණ, වංචා සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා විසින් අද (25) මෙරට සිටින විදේශ මාධ්‍ය නියෝජිතයන් කැදවා තිබූ අතර, ඔවුන් වෙත වත්මන් දේශපාලන වාතාවරණය පැහැදිලි කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
එමෙන්ම බහුතරය තිබුණ ද රනිල් වික්‍රමසිංහ යළි අගමැති කිරීමට කිසිදු තත්ත්වයක් යටතේ සිදුනොකරන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.