Gossips

කිලෝ 769කට අධික කොකේන් විනාශ කිරීම ඇරඹේ

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් පසුගිය කාලය තුල අත්අඩංගුවට ගත් මිලියන 10935 කට අධික වටිනා කමකින් යුත් කොකෝන් මත්ද්‍රව්‍ය කිලෝ 769 කට වැඩි ප්‍රමාණයක් විනාශ කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
කැළණිය – මගුරුවෙල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණයේදීයි මෙම කොකෝන් තොගය විනාශ කිරීම සිදුකරනු ලබන්නේ.
මේ අතර එය නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම ස්ථානයට පැමිණ තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියමයකට අනුව මෙලෙස විනාශ කරනු ලබන්නේ අධිකරණ ක්‍රියාවලිය අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයකුයි.
කැළණිය – මගුරුවෙල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණයේ දී මත්ද්‍රව්‍ය දියකර පුත්තලමේ සිමෙන්ති කම්හල වෙත රැගෙන ගොස් එම ද්‍රාවණය දහනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
මේ ආකාරයට පසුගිය වසරේ ජනවාරි මස 15 වන දා ද කොකේන් මත්කුඩු කිලෝග්‍රෑම් 926ක ප්‍රමාණයක් ප්‍රසිද්ධියේ විනාශ කෙරුණු අතර, ඒවා 2016 වසරේ දෙසැම්බර් 09 වනදා කොළඹ වරායට පැමිණි නෞකාවකින් සොයා ගත් මත්ද්‍රව්‍යයයි.