Gossips

කිලෝ 400ක කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට රැගෙන ආ බව හෙළිවේ

පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය අද අලූයම පෑලියගොඩ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා සමඟ පොලිස් භාරයට ගැනුණු කිලෝග්‍රෑම් 400ක කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට මෙරටට ගෙන ඇති බවට අනාවරණ වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ හලාවත සිට කුඩා බෝට්ටු මගින් ඇලකන්ද ප්‍රදේශයට රැගෙන විත් එතැන් සිට වෑන් රථයකින් මෙම ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.