ගෝමරන්කඩවල ප්‍රදේශයේ නියමු ව්‍යාපෘතියක් ලෙසට ඉදිකෙරුනු අලි වැට විවෘත කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුනා.
කිලෝමීටර් 30 ක දිගින් යුත් මෙම අලි වැට හේතුවෙන් ග්‍රාමීය ජනතාව මුහුණපා ඇති අලි මිනිස් ගැටුමෙන් සිදුවන හානි අවමකර ගැනීමට හැකිවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
අලි වැට ඉදිකිරීම සඳහා ගස් කඳන් වෙනුවට කොන්ක්‍රීට් කණු භාවිත කළ ප්‍රථම අවස්ථාව ද මෙයයි.
ඊට යොදාගත් කොන්ක්‍රීට් කණු යුද හමුදාව විසින් නිශ්පාදනය කර තිබෙනවා.
