Gossips

කිලෝමීටර් 3ක දුරක් මී ගවයෙකු පිට නැඟ පාසල් පැමිණෙන සිසුන්

කිලෝමීටර් 3ක පමණ දුරක් ගෙවා මී ගවයෙකු පිට නැඟ පාසල් පැමිණෙන සිසුවෙක් පිළිබඳ පුවතක් අපට වාර්තා වුණේ නෙළුව මැදගම ප්‍රදේශයෙන්.
ඔහු සිය සොයුරා ද සමග ගවයා පිටේ නැගී දිනපතා පාසලට පැමිණෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ලේල්වල ගිගුම්මඩුව ප්‍රදේශයේ පිහිටි නිවසේ සිට නෙළුව මැදගම ආදර්ශ විද්‍යාලයට ඔහු ගවයා පිට නැගී මෙලෙස පැමිණෙන අතර ගවයා ද ඊට අකමැත්තක් නොදක්වන බව සඳහන්.
එමෙන්ම ළමුන් ඉතා ආරක්ෂිතව පාසල වෙත රැගෙන ඒමට ද ගවයා කටයුතු කරන බවයි හිමිකරුවන් පවසන්නේ.
පාසල අවසන් වීමෙන් අනතුරුව යළිත් නිවස වෙත ළමුන් රැගෙන යාමට ද ගවයා පැමිණෙනවා.
ළමුන්ගේ පියා මීට පෙර ඔවුන් පාසල වෙත රැගෙන විත් ඇත්තේ සිය යතුරුපැදියෙන්.
කෙසේවෙතත් මාස කිහිපයකට පෙර එය අනතුරකට ලක්වීම හේතුවෙන් දිනක් ගවයා පිට නැගී ළමුන් පාසලට පැමිණ තිබුනා.
එදින සිට ගවයා ද ළමුන් පාසලට රැගෙන යාමට උදෑසනම සැරසෙන බව හිමිකරුවන් පෙන්වා දෙනවා.