Gossips

කිලෝග්‍රෑම් 4ක රත්‍රං කටුනායකින් අල්ලයි

කිලෝග්‍රෑම් 4ක රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් රැගෙන පැමිණි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අද (15) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සන්තකයේ රන් බිස්කට් කිලෝග්‍රෑම් 2ක් තිබී ඇති අතර, තවත් කිලෝග්‍රෑම් දෙකක ස්වර්ණාභරණ සොයා ගත් බවයි රේගුව සඳහන් කළේ.
මේ වන විට ඔවුන් රේගු භාරයට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරනවා.