කිලිනොච්චිය – ආම්බාල්කුලම් ප්රදේශයේදී දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දස දෙනා ඇප මත මුදා හැරීමට කිලිනොච්චිය මහේස්ත්රාත්වරයා නියෝග කර තිබෙනවා. 
එහිදී මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත්තේ එක් අයෙකු රුපියල් ලක්ෂ 2 ක බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 5000 ක මුදල් ඇපයක් මත ඔවුන් මුදා හරින ලෙසටයි. 
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණේ අම්බාල්කුලම් ප්රදේශයේම පදිංචි පුද්ගලයින් පිරිසක්.



