කිලිනොච්චිය – අම්බාල්කුලම් ගම්මානයට කඩාවැදුණු දිවියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනා මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔවුන් අද කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් ද ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කළේ.
අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරුවන් අවුරුදු 22 සහ 26 යන වයස්වල පසුවන කිලිනොච්චිය සහ ධර්මපුරම් ප්‍රදේ්ශවල පදිංචිකරුවන්.
