Gossips

කිලිනොච්චි චන්ද්‍ර උද්‍යානයේ ඉවත් කෙරුණේ ඉපැරණි නටබුන් ද?

කිලිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසළ ‘චන්ද්‍ර’ නැමැති උද්‍යානයේ තිබී ඉවත් කර ඇත්තේ ඉපැරණි නටබුන් නොවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල, හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මෙලෙස ඉවත් කර ඇත්තේ අලුතින් ප්‍රතිසංස්කරණය ලද බැම්මක කොටසක් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් වාර්තාවක් කැඳවා ඇති බව ද ඔහු සඳහන් කළා.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවලගේ මතය සම්බන්ධයෙන් සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජබුරේවෙල චන්ද්‍රරත්න හිමියන් කියා සිටියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිදුකරන ප්‍රකාශවල සත්‍යතාවක් නොමැති බවයි.