Gossips

කිලිනොච්චියේ පෙදරේරුවෙක් අතුරුදන්

කිලිනොච්චිය – ආනේවිලුන්දාන් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අතුරුදන්වී ඇති බවට කිලිනොච්චිය – අක්කරායන් පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
අතුරුදන්වූ පුද්ගලයාගේ බිරිඳ විසින් අදාළ පැමිණිල්ල යොමුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස අතුරුදන්වී ඇත්තේ වේලායුදන් විග්නේෂ්වරන් නැමති 40 හැවිරිදි පෙදරේරු කර්මාන්තයේ නිරතවූවෙක්.
ඔහු ගල්කිස්ස ප්‍රදේශයේ සේවය කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
ඔහු පසුගිය 12 වනදා නිවසට පැමිණෙන බව පවසා දුරකථන ඇමතුමක්ද ලබාදුන් බව ඔහුගේ බිරිඳ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළා.