Gossips

කිලිනොච්චියේ කුඹුරු යායක මියගොස් සිටි කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූ හදවත් කම්පා කළ දේ

කිලිනොච්චියේ කුඹුරු යායක මියගොස් සිටි කාන්තාව මාස පහක ගැබිණියක්
කිලිනොච්චිය, පණ්නකඩ්ඩි ප්‍රදේශයේ කුඹුරු යායක තිබී සොයාගත් මළ සිරුර සම්බන්ධයෙන් යාපනය රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අදාළ මරණය ගෙළ කිසියම් වයරයකින් හෝ ලණුවකින් සිරකොට සිදුකළ ඝාතනයක් බවට ඊයේ (30) සවස අනාවරණය වු බව කිලිනොච්චිය පොලීසිය පවසනවා.
මියගිය කාන්තාවගේ ඥාතීන් විසින් සිරුර හඳුනාගත් අතර, අදාළ මළ සිරු‍ර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලේදී පැවැත් වුණා.
මරණ පරීක්ෂණ වාර්තාව අනුව මියගිය කාන්තාව මාස පහක ගර්භනි කාන්තාවක් වන බවටද අනාවරණය වී ඇති බවද පොලීසිය සඳහන් කළා.
කිලිනොච්චිය පොලීසිය පැවසූවේ මාන්කුලම, මුරුකණ්ඩි, වසන්තනගර් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි එක්දරු මවක් වන කරුපයියා නිත්‍යකලා නමැති කාන්තාවක් එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බව මියගිය කාන්තාවගේ පියා හා සහෝදරයා විසින් හදුනාගත් බවයි.
මියගිය කාන්තාවගේ සැමියා නොමැති වීමෙන් ඇය කාලයක් තනිවම සිට ඇති අතර පසුව වෙනත් සබඳතාවයක් පැවති බවට ප්‍රදේශවාසීන් කියා සිටියා.
මියගිය කාන්තාව කිලිනොච්චිය ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක ආරක්ෂක රාජකාරි කටයුතු සිදුකොට ඇති අතර අදාල ආරක්ෂක රාජකාරී නිම වී නිවසට එමින් සිටි අවස්ථාවේදී කිසියම් පිරිසක් විසින් ඇය පැහැරගෙන ගොස් ගෙල සිරකොට ඝාතනය කර ඇතැයි සැක පලකරන බවට පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් කියා සිටියා.


ඡායාරූප – වව්නියාව දිනසේන රතුගමගේ / මාධව කුලසූරිය