Gossips

කිලිනොච්චියේ කුඹුරු යායකින් තරුණියකගේ මළසිරුරක් හමුවෙයි (ඡායාරූප)

කිලිනොච්චිය – පරන්තන් ප්‍රදේශයේ කුඹුරුයායක් අසල තිබී අභිරහස් ලෙස මියගිය තරුණියකගේ සිරුරක් පොලීසිය අද උදෑසන සොයාගනු ලැබුවා.
එය අවුරුදු 22 ක් පමණ වන තරුණියකගේ බවට නිරීක්ෂණය වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මියගොස් ඇත්තේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
සිරුරේ ස්ථාන ගණනාවක කැපුම් තුවාල සහ වෙනත් තුවාල පවතින බව සඳහන්.
මියගිය කාන්තාවගේ පාවහන්, පෑන් දෙකක් සහ අත් පළඳනාවක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මළ සිරුර කිලිනොච්චිය රෝහලට යොමුකර තිබෙනවා.
සිද්ධිය පිළිබඳ කිලිනොච්චිය පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.


ඡායාරූප – වව්නියාව දිනසේන රතුගමගේ / මාධව කුලසූරිය