Politics Sri Lanka

කිලිනොච්චියේදී පහරදීමකින් ඇමරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු ජිවිතක්ෂයට

කිලිනොච්චියේදී පහරදීමකින් ඇමරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු ජිවිතක්ෂයට

කිලිනොච්චිය, කනකපුරම්, සෙල්වානගර් ප්‍රදේශයේදී ඇමරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට පහරදීමෙන් ඊයේ(07) ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.අදාළ පුද්ගලයා මෙරට පවතින මුල් පදිංචි ඉඩම් පරීක්ෂා කිරීමට ඇමරිකාවේ සිට පසුගියදා පැමිණ ඇති අතර, එහිදි පසුගිය 06 වැනිදා රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් මියගිය පුද්ගලයාගේ නැවති සිටි ස්ථානයේදී මුහුණට මිරිස් කුඩු ගසා පහරදීම සිදුකොට ඇති බව පොලීසිය පැවසීය.

තුවාල ලැබු පුද්ගලයා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අතර, එහිදි ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, පහරදීම සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බව පොලිසිය පැවසීය.