කිලිනොච්චිය – අම්බාල්කුලම් ප්රදේශයේදී දිවියෙකු කුරිරු ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා මේමස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
අම්බාල්කුලම් ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි සැකකරුවෙකු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර, තවත් සැකකරුවෙකු පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවා.
පොලිසියට භාරවී ඇත්තේ උදයනගර් ප්රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්.
මේ අතර සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග ලබා දී තිබෙනවා.
