Gossips

කිලිනොච්චියෙන් සොයාගත් භූගත බංකරය (ඡායාරූප)

කිලිනොච්චිය, පලෙයි, අරසන්කේනි ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් භූගත බංකරයක් ඊයේ (23) සොයාගෙන තිබෙනවා.
පුද්ගලයෙකු විසින් අතහැර දමා තිබු ඉඩමක් සුද්ද පවිත්‍ර කරන අවස්ථාවක අදාළ බංකරය දැක ඇති අතර අනතුරුව ඒ පිළිබදව ආරක්ෂක අංශ දැනුවත්කර ඇති බව සඳහන්.
මෙලෙස සොයාගැනුණු භූගත බංකරය අඩි 35ක් පමණ ගැඹුරින් යුක්ත වන අතර ඝන කොන්ක්‍රීට් තට්ටුවකින් වසා ඇති බවයි ආරක්ෂක අංශ පවසන්නේ.
එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාකාරීව පැවති සමයේ ප්‍රහාරවලින් අරක්ෂා වීමට භූගත බංකර රැසක් කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශයන්හි ඉදිකර තිබියදී ආරක්ෂක අංශ විසින් මීට පෙර ද සොයා ගැනුණා.

ඡායාරූප – වව්නියාව, මාධව කුලසූරිය