Gossips

කිරි පැකට් ගැන නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාරගේ ප්‍රකාශය ගැන මන්ත්‍රී ශෙහාන් සේමසිංහට සැකයක්

ඒකාබද්ධයේ උද්ඝෝෂණයේදී ලබාදුන් කිරි පැකට්වලට කිසිදු විසක් මුසු කර නොතිබූ බවට රස පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා සිදුකළ ප්‍රකාශය සැක සහිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළකළේ කොළඹදී අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.
ජනබලය කොළඹට උද්ඝෝෂණයට ලබාදුන් කිරි පැකට්වලට කිසිදු විසක් මුසු කර නොතිබූ බවට රස පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇතැයි, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ඊයේ ප්‍රකාශ කළා.