Gossips

කිරි දෙනුන් ගැන පාර්ලිමේන්තුවට ප්‍රශ්ණයක්

කිරි ගොවීන් මුහුණපා ඇති ගැටළු පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇතිවුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ආනයනය කරන ලද කිරි දෙනුන්ගෙන් නිසි කිරි ප්‍රමාණයක් නොලැබීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.
ඊට අමාත්‍ය පී. හැරිසන් පිළිතුරු ලබාදුන් අතර, පසුව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ද එම සංවාදයට මැදිහත්වුණා.
අයවැයේ කාරක සභා අවස්ථාවේ සිව්වන දින විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙනවා.
අද දිනයේ විවාදයට ගැනෙන්නේ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ, විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා සහ කම්කරු වෘත්තිය සමිති සබඳතා යන අමාත්‍යාංශ වල වැය ශීර්ෂයි.