දේශීය කිරි කර්මාන්තය ඉහළ නැංවීමේ අරමුණින් කිරිගොවීන් සදහා රජය විසින් සහන ණය ක්‍රමයක් යටතේ ලබාදී ඇති ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද කිරි ගවයින් හේතුවෙන් එම ගොවීන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ කිිරි ගවයින් ඇතැම් රෝගවලට ගොදුරුවීම සහ ප්‍රමාණවත් කිරි අස්වැන්නක් ඔවුන්ගෙන් නොලැබීම හේතුවෙන් තමන්ට ණය වාරික ගෙවා ගැනීමට නොහැකිවී ඇති බවයි.
2012 වසරේ එම ව්‍යාපෘතිය ආරම්භවී ඇති අතර, ඒ අනුව කිරි ගවයින් 15,000 ක් ආනයනය කිරීමට තීරණය කර තිබුණා.
ඊට අදාළව කිරි ගවයින් 5,000 ක් මූලික අදියර යටතේ ආනයනය කර ඇති අතර, 2016 වසරේදී එම ව්‍යාපෘතිය අවසන්වීමට නියමිතව තිබුණා.
කෙසේ නමුත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පෙන්වා දෙන්නේ එම ව්‍යාපෘතිය 2016 වසරෙන් පසුව නැවතත් දීර්ඝ කිරීමට වර්තමාන රජය පියවර ගෙන ඇති බවයි.