Gossips

කිරි ගවයින් නිසා උන්හිටි තැන් අහිමිවූ කිරි ගොවීන්

දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීමේ අරමුණ යැයි පවසමින් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් ආනයනය කරන ලද කිරි ගවයන් හේතුවෙන් මෙරට කිරි ගොවීන් අන්ත අසරණ කල ව්‍යාපෘතියක් පිළිබදව හිරු සී.අයි.ඒ. තුළින් අප දිගින් දිගටම අනාවරණය කළා.
මෙම ව්‍යාපෘතියෙන් ලබාගත් කිරි ගවයින් නිසා තමන්ට උන්හිටි තැන්ද අහිමිවූ මෙරට කිරි ගොවීන් පිළිබදවයි අද හිරු සී.අයි.ඒ. හෙළිදරව්ව.
දේශීය කිරිගොවියාගේ ආදායම වැඩි කරලීම, මෙරට කිරි අවශ්‍යතාවය සපුරාලීම වැනි ආකර්ෂණීය වදන් යොදා ගනිමින් අදියර කිහිපයකින් ක්‍රියාත්මක කෙරුණු ආනයනික කිරි ගව ව්‍යාපෘතිය හරහා මේවන විට අප රට පත් කර ඇත්තේ ඛේදනීය ඉරණමකටයි.
එනම් ආනයනික කිරිගවයන් හේතුවෙන් එතෙක් පැවති කිරි කර්මාන්තයද බිද වැටී මෙරට කිරි නිෂ්පාදනය දිනෙන් දින වලපලලට ගියා පමණක් නොව සාර්ථක ව්‍යාපාරිකයන් ලෙස ජීවත්වූ කිරිගොවීන්ද මහමගට ඇද දැමීමට මෙම ව්‍යාපෘතිය හේතු වාසනා වුණා.
ඕස්ට්‍රේලියාවෙන් හා නවසීලන්තයෙන් අවස්ථා කිහිපයකදී ආනයනය කරන ලද මෙම කිරි ගවයින් ගිවිසුමෙහි සඳහන් වූ දෛනික කිරි ප්‍රමාණය ලබා නොදුන්නා පමණක් නොව මෙරටට දරුණු ලෙඩරෝගද රැගෙන ආවා.
ඒ හේතුවෙන් මේ වන විට එම කිරි ගවයින්ගෙන් බොහෝ දෙනෙක් මියගොස් ඇත්තේ කිරි ගොවියාද වලපල්ලට යවමිනි.
මේ දඹුල්ල – ගලේවෙල – කදුරුගස්යාය ප්‍රදේශයේ සිටි සාර්ථක කිරි ගොවියෙකු වූ අරුණ සමන් කුමාර මහතා අද පත්ව ඇති ඉරණමයි.
ආනයනික කිරි ගව ව්‍යාපෘතියෙන් සතුන් 50 ක් ලබාගැනීම සදහා රුපියල් කෝටියක බැංකු ණයක් ලබාගත් ඔහුගේ අක්කර අට හමාරක ඉඩම ඇතුළු සියලු දේපල අද වන විට බැංකුවට සින්න වී අවසන්.

rn