මෙරටට කිරි ගවයින් ආනයන කල ව්‍යාපෘතිය සදහා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය හා පෞද්ගලික ආයතනයක් අතර අත්සන් කල ගිවිසුමේ මුල්පිටපතක් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය සතුව නොමැති බව ජනාධිපති කොමිසමේදී අද අනාවරණය වුණා.
ඒ අනුව 2017 වසරේදී මෙරටට කිරිගවයින් ආනයනය කරන විටත් අමාත්‍යාංශය සතුව තිබී ඇත්තේ මුල් ගිවිසුමේ ඡායා පිටපතක් පමණක් බවයි හෙළි වුණේ.
මෙරට කිරිගව සම්පත නගාසිටුවීමේ අරමුණ යැයි පවසමින් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය හරහා සිදුකල ව්‍යාපෘතියකින් මෙරට දේශීය කිරි නිෂ්පාදනය කාබාසිනියා කර ඇති ආකාරය අප හිරු සී.අයි.ඒ. හරහා රටට හෙළි කළා.
එම ව්‍යාපෘතියෙන් රජයට හා කිරිගොවියාට සිදුකර ඇති දැවැන්ත පාඩුව සලකා බලමින් රජයේ ආයතනවල සිදුව ඇති දූෂණ වංචා පිළිබදව සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව විමර්ශනයක්ද ආරම්භ කළා.
අදාල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අමාත්‍යාංශය හා වෙලාඩ් ආයතනය අතර අත්සන් කල ගිවිසුම ඉදිරිපත් කරන ලෙස ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයට කොමිසමේ සමාජිකයින් දැනුම්දී තිබුණා.
එම කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදෙමින් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් K. ආරියපාල මහතා සදහන් කළේ 2014 වසරේ අත්සන් කල මුල් ගිවිසුම අමාත්‍යාංශය සතුව නොමැති බවයි.