Gossips

කිරිවෙහෙර හිමියන් ආරක්ෂාව ඉල්ලයි

ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් තර්ජන පවතින බව කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් පවසනවා.
වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් පසු තවමත් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළේ කතරගම පෙරහර මංගල්‍යයට පෙර තමන් විහාරස්ථානයට යාමට අපේක්ෂා කරන බවයි.
මේ අතර, පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා ලබන 18 වනදා දක්වා ඊයේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.