Gossips

කිරිවෙහෙර හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, ඔවුන් ඊයේ තිස්සමහාරාම මහේස්ත්‍රාත් ඒ.ඒ.පී. ලක්ෂ්මන් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
වෙඩිවැදීමෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණු පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් තවමත් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා.