කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු තංගල්ල අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අද අත්අඩංගුවට ගත්තා.
ඒ, අදාළ සිද්ධියට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේයි.
අත්අඩංගුවට ගත් කාන්තාව පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීම සිදුවූ දින උන්වහන්සේගේ ගමන් බිමන් පිළිබඳව ඔත්තු බැලීමේ කටයුතුවල නිරතවී ඇති බවට තොරතුරු හෙළිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.
කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව මීට පෙර ප්‍රධාන සැකකරු ඇතුලූ පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටින අතර, ඔවුන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.