Gossips

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි ප්‍රධාන තැබූ සැකකරු හෙළිවෙයි

කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමි කොබවක ධම්මින්න හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු කිරිවෙහෙර මහසෙන් දේවාලයේ ප්‍රධාන කපු ධුරය දැරූ පුද්ගලයා වන අසේල බණ්ඩාර බව පොලිස් පරීක්ෂණවලදී හඳුනාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සැකකරුගේ නිවස මේවන විට පොලිස් විශේෂ කාර්ය බලකාය ද එක්ව විශේෂ පරීක්ෂාවකට ලක් කරනු ලැබුවා.
එහිදී නිවසේ තිබු කඩුවක්, කිනිසි දෙකක් සහ ජීව පතොරම් 10 ක් ද සොයාගෙන තිබෙනවා.
එම පුද්ගලයා කතරගම ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි සඳහන්.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ලැබී ඇති තොරතුරු කිහිපයක් ඔස්සේ විමර්ශණ සිදුවන බව පොලිසිය සඳහන් කළා.
මෙම වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ තංගල්ල පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය මත කතරගම පොලිසිය විමර්ශණ සිදු කරන අතර පොලිස්පතිවරයාගේ නියෝග මත විශේෂ පොලිස් කණ්ඩායම් 8 ක් පරීක්ෂණ සිදු කරනවා.