Gossips

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ලබන 31 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
එසේම රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකළ සියලූ නඩු භාණ්ඩවලට අදාළ වාර්තා සහ සැකකරුවන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි මහේස්ත්‍රාත් කාංචනමාලා ගුණසේකර නියෝග කර ඇත්තේ.
කතරගම – කිරිවෙහෙර මහසෙන් දේවාලයේ හිටපු කපු මහතෙකු වන අසේල ලක්මාල් සහ එකම පවුලේ නිවුන් සහෝදරයන් දෙදෙනෙකු ඇතුලූ සැකකරුවන් හත්දෙනෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටිනවා.