Gossips

කිරිවෙහෙර පූජා භූමියේ තියුණු ආයුධයක් අතැතිව සැරි සැරූ අයෙකු අත්අඩංගුවට

කතරගම – කිරිවෙහෙර පූජා භූමියේ තියුණු ආයුධයක් අතැතිව සැරි සැරූ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුරුව ඔහු කතරගම පොලිසිය වෙත භාර දී ඇති අතර, එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම පුද්ගලයා සඳහන් කර ඇත්තේ පළතුරු කැපීම සඳහා එය රැගෙන ආ බවයි.
කෙසේ වෙතත්, සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය ප්‍රකාශ කළා.