Gossips

කිරිවෙහෙර නාහිමියන්ට එස්.ටී.එෆ්. ආරක්ෂාව

කතරගම – කිරිවෙහෙර රජමහාවිහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
අද පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් මේ බව ප්‍රකාශ කළ බවයි බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා කියා සිටියේ.
මේ අතර උන්වහන්සේ ප්‍රතිකාර ලබන කොළඹ පෞද්ගලික රෝහලේ බිල්පත තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.