Gossips

කිරිපිටි සහ ගෘහස්ථ ගෑස් මිල වැඩි කිරීමට තීරණයක් නැහැ – පාරිභෝගික සභාව

කිරිපිටි මිල සහ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව පාරිභෝගික සභාව ප්‍රකාශ කළා.
එම සභාව ඊයේ රැස්වූ අතර, එහිදී මෙම තීරණය ගත් බවයි කාර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අනුව කිරිපිටි මිල සහ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් තවදුරටත් සළකා බැලීමට පාරිභෝගික සභාව කටයුතු කරනු ඇති.
කිරිපිටි කිලෝග්‍රෑමයේ පැකට්ටුවක මිල රුපියල් 80 කින් වැඩි කිරීම සඳහා ජීවන වියදම් පිළිබඳ කමිටුව කිරිපිටි සමාගම්වලට පසුගියදා අවසර ලබාදුන්නා.
කිරිපිටි කිලෝවක මිලේ වැඩිවීමට සමානුපාතිකව ග්‍රෑම් 400 පැකට්ටුවක මිලද රුපියල් 35 කින් පමණ වැඩිවනු ඇති බවටයි වාර්තාවන්නේ.