Gossips

කිරිපිටි සහ ගෑස් මිල ගැන සහතිකයක්

සිංහල – හින්දු අලූත් අවුරුද්දට පෙර කිරිපිටි සහ ගෑස් මිලෙහි වැඩිවීමක් සිදු නොවන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
එහි අධ්‍යක්‍ෂ ඉන්දිකා රණතුංග අද (29) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ලෝක වෙළඳපොලේ කිරිපිටි සහ ගෑස් මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් අදාළ සමාගම් මගින් මිල ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
මේ අතර එම මාධ්‍ය හමුවට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අලෙවි, ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ ප්‍රධානී ඩබ්ලිව්.එච්. දුමින්ද ප්‍රියදර්ශන ද එක්ව සිටියා.
එහිදී ඔහු කියා සිටියේ එළඹෙන උත්සව සමයට සමගාමීව ලබන මස මුල් සති දෙක ඇතුළත පළතුරු සහ එළවළු මිල ගණන්වල සුළු වෙනසක් ඇතිවුවත් අනෙකුත් කිසිදු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයක වෙනසක් සිදු නොවන බවයි.