Gossips

කිරිපිටි සමාගම් යළි මිල වැඩි කිරීමට ඉල්ලයි

යළි මිල ඉහළ නංවන ලෙස කිරිපිටි නිෂ්පාදන සමාගම්, පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඩොලරයේ අගය රුපියල් 160 දක්වා ඉහළ යාම හේතුවෙන් ලෝක වෙළඳපොළෙහි කිරිපිටි මිල වැඩිවීම නිසා, කිරිපිටි නිෂ්පාදන සමාගම් මෙම ඉල්ලීම කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ.
එහි අධ්‍යක්ෂ ජනරාල් ඩී. ජීවානන්ද කියා සිටියේ රුපියල් 70කින් කිරිපිටි කිලෝග්‍රෑමයක මිල ඉහළ නංවන ලෙසට අදාළ සමාගම් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි.
මීට මාස කිහිපයකට පෙර ලෝක වෙළදපොළෙහි ඇමරිකානු ඩොලර් 3250ක් ලෙස පැවති කිරිපිටි මෙටි‍්‍රක් ටොන් එකක් මේ වන විට ඩොලර් 3450 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් කිරිපිටි ආනයනය කිරීමේ සහ තම කර්මාන්ත පවත්වාගෙන යාමේ ගැටළු රැසකට මුහුණ දී ඇති බවයි කිරිපිටි සමාගම් අදාළ ඉල්ලීමෙහි සදහන් කර ඇත්තේ.