Gossips

කිරිපිටි මිල වැඩි කිරීමට ජීවන වියදම් කමිටුවෙන් නිර්දේශ

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 50 කින් ඉහළ නැංවීමට ජිවන වියදම් අනුකමිටුව පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත නිර්දේශ කර තිබෙනවා.
අදාළ කමිටුවේ සාමාජික කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුර්දීන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20 කින් ඉහළ නැංවීමට ඒ අනුව නිර්දේශ කර ඇති බවයි.
කිරිපිටි ආනයන සමාගම් කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 75 කින් ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා තිබූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
කෙසේ නමුත්, අදාළ නිර්දේශයන් ආර්ථික කමිටුව වෙත යොමු කිරීමෙන් පසු එහි අනුමැතිය මත පමණක් මිල වැඩි කිරීමක් සිදුවනු ඇති.